Public Service Commission 📌️ රාජ්‍ය සේවා කොමිශන් සභාව

----රාජ්‍ය සේවා කොමිෂන් සභාව---- 

දැක්ම
ජාතියේ විශිෂ්ටත්වය සඳහා කැපවූ රාජ්‍ය සේවයක්.

මෙහෙවර-----
සාධාරණව, විනිවිද බවින් හා සමානුකූලව මහජනයාට සේවය කිරීමට, කාර්යක්ෂම, විනයගරුක සහ තෘප්තියට පත් රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අරමුණු----
* රාජ්‍ය සේවයේ පත්කිරීම්,උසස්කිරීම් හා විනය පාලනය සඳහා ප්‍ර‍මිති, ප්‍ර‍තිපත්ති,මාර්ගෝපදේශ හා නීතිරීති යනාදියට අනුකූලව කටයුතු කරමින් මානව සම්පත සතු කාර්යක්ෂමතාව හා සඵලතාව ස්ථාපනය කිරීම, වැඩිදියුණු කිරීම හා තිරසාරව පවත්වා ගෙන යාම.

* රාජ්‍ය සේවයේ අඛණ්ඩ උන්නතිය වෙනුවෙන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහය වනු පිණිස, එකිනෙකට වෙනස්වන වාතාවරණ හමුවේ උද්ගතවන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සංවේදී ලෙස කටයුතු කිරීම.

* බලය අභිනියෝජිත බලධරයන්ගේ අදාළ නියෝග මඟින් අතෘප්තියට පත් රජයේ නිලධරයන්ගේ අභියාචනා සම්බන්ධව දෙපාර්ශවයේම කරුණු සලකා බලමින් සාධාරණ හා නිවැරදි තීරණයන්ට එළඹීම.

*සේවා අභිප්‍රේරණය හා රැකියාවේ තෘප්තිය සලසා දෙමින් වඩාත් සුදුසු නිලධරයන් සේවයෙහි රඳවාගැනීම සඳහා විවිධ කුසලතා, දැනුම හා පළපුරුද්ද ලබා ගැනීමට ඉඩහරිමින් පුද්ගල වෘත්තීය සංවර්ධනය අත්කර ගැනීම සහතික වනු පිණිස රාජ්‍ය නිලධරයන් සඳහා පිළිගත් වෘත්තීය මාවතක් ස්ථාපිත කිරිම.

*වෘත්තීය ආචාර ධර්ම  පිළිපදින, විෂමාචාර ක්‍රියාවලින් තොර විනය ගරුක රාජ්‍ය නිලධාරියකු නිර්මානය කිරීම.

---- Public Service Commission ----

view

A dedicated public service dedicated to the nation's excellence.

Mission -----

To establish and promote efficient, disciplined and satisfied public service to serve the public fairly, transparently and equally.

Objectives of the Public Service Commission ----

* Establishment, improvement and maintenance of the efficiency and effectiveness of the human resource base in accordance with the standards, policies, guidelines and regulations for the public service, promotions and disciplinary control.

* To be sensitive to the needs that arise in the changing environment in order to support the decision making process for the continued service of the public service.

* Considering the just and right decisions, considering the objections of both parties to the appeals of the Public Officers who are displeased with the regulations of the authority empowered by the authorities.

* Establishment of a recognized career path for public officers in order to ensure the personal professional development, allowing them to acquire various skills, knowledge and experience to retain the best possible officers in service motivation and job satisfaction.

* Creation of a responsible government officer who practices professional ethics and discipline.

Comments