Skip to main content

නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයක දෝෂයකින් රට පුරා විදුලිය කැපීමේ අවදානමක්



(රංජන් කස්තුරි)
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ  එක් යන්ත්‍රයක් අද හදිසියේ ක්‍රියාවිරහිත වීමත් සමඟ රටපුරා විදුලිය විසන්ධි වීමේ දැඩි අවධානමක් හටගෙන ඇතැයි ලංවීම ආරංචි මාර්ග සඳහන් කරයි.
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් අද (18) පස්වරුවේ හදිසි තාක්ෂණික දෝෂයකට ලක්වූ අතර අද පෙරවරු 11 පමණ සිට මෙගාවොට් 270 ක විදුලිය ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී තිබෙන බවද ලංවීම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසිය.
මීට අමතරව කොළඹ වරායේ බත්තලමක ක්‍රියාත්මක කෙරෙන මෙගාවොට් 60ක බලාගාරයද මීට සතියක පමණ කාලයක සිට ක්‍රියාවිරහිත වී තිබෙන හෙයින් හා ජල විදුලිය ජනනය සියයට 50ක් පමණ අඩුවීම නිසා විදුලි සැපයුම අර්බුදයකට ලක්ව තිබෙන බවද ඔහු කීය.
මේ අතර නොරොච්චෝල බලාගාරයේ දෙවන යන්ත්‍රය ක්‍රියාවිරහිත වීමත් සමඟ ජාතික විදුලිබල පද්ධතිය පාලනය කර ගැනීම සඳහා ප්‍රදේශ කිහිපයක විටින් විට විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවද ලංවීම නිලධාරියා කීය.

Comments

  1. Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa - TiBo
    Tifa Tifa titanium tubing Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa titanium watch band Tifa titanium bmx frame Tifa Tifa Tifa Tifa Tifa Tifa schick quattro titanium Tifa Tifa Tifa Tifa Tifa Tifa edc titanium Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa Tifa

    ReplyDelete

Post a Comment